
- ශ්‍රී ලංකාවේ රූකඩ කලාව - බොහෝ කලාවන් මෙන්ම රූකඩ කලාව ද ශිෂ්ටාචාරයේ ආරම්භය දක්‌වාම දිවයන්නකි. එය කවදා ආරම්භ වූයේ දැයි නිශ්චය කළ නොහැක. එමෙන්ම කවර රටක ආරම්භ වූයේ දැයි නිශ්චිතවම කිව නොහැක. පෙරදිග මෙන්ම අපරදිග බොහෝ රටවල රූකඩ කලාව පැතිර පවතී. රූකඩ යන්නට ලතින් බසින් පුපා (pupa) යනුවෙන් ද ප්‍රංශ බසින් පුපී (pupee) ලෙසද, හැඳින්වෙන් අතර ඉංග්‍රීසි බසින් පපට් (puppet) යනුවෙන් ද භාවිත කෙරේ. මෙම කවර වදන් භාවිත කළද ඉන් අර්ථවත් වන්නේ බෝනික්‌කා (doll) යන අර්ථයයි. "පුත්‍රකා" "පුත්‍රිකා" පුත්තලිකා යනු සංස්‌කෘත සාහිත්‍යයේ හමුවන පදවලින් ද අර්ථවත් වන්නේ එම අදහසයි. මෙවැනි බෝනික්‌කන් හෙවත් රූකඩ, සතුන් දඩයම් කිරීමෙන් ජීවත් වූ ආදි මානවයා විසින් ද නිර්මාණය කර තිබේ. තමන් ඉදිරියට එන විශාල වන සතුන් බිය වැද්දීම සඳහා ඔවුහු මේවා භාවිත කළහ. විද්‍යාත්මක ක්‍රමයට ලෝකය අවබෝධ කරගැනීමට ප්‍රථම මිනිසා නොයෙක් මිත්‍යා විශ්වාසවල එල්බගෙන සිටි බව පැහැදිලිය. තමන්ට අවබෝධ කොටගත නොහැකි වූ බොහෝ දේ ඔවුන්ට දක්‌නට ලැබිණි. ඉර සඳ ජලය ආදි චලන වස්‌තු කෙරෙහි බියමුසු ගෞරවයන් ඔවුන් තුළ විය. ඔවුන් ...