- රංගාලෝක කාර්යය - 02 .........

නළුවා ආලෝකවත් කිරීම
(Lighting the Actor)

පෙර ලිපියේ සඳහන් කළ අංග හතර හොඳින් මතක තබාගෙන එය ප්‍රවේශමෙන් හැසිර විය යුතු අංග හතරක් හැටියට වග බලා ගන්න ඕනේ. දැන් අපි ළං වන්නේ හරියාකාරකව ශිල්පියෙකු ආලෝකමත් කරන්නේ කෙසේ යන්න බලා ගැනීමටයි.

මුලින්ම අප දැන ගත යුතු වන්නේ නළුවා දෘශ්‍යමාන වන්නේ කෙසේ ද? කුමන අවස්ථාවක ද? යන්නයි. නිර්මාණ ශිල්පියාට දාව උපදින නිර්මාණය තුළ වගකීම ඔහුගේ නිසා ඔහුගේ අදහස් උදහස් අපට වටිනවා.
මෙතැනදී සතර අභිනයෙන් අපට වඩාත් වැදගත් වන්නේ සාත්වික අභිනයයි. (මුහුණෙන් පාන ඉරියව්) කෙලින්ම මුහුණ පැතලි වී පෙනෙන ආලෝකය සැපයීම ඉරියව් නොපෙනීමට උදව් වෙයි. එහෙයින් අප කළ යුත්තේ හිසට ඉහළින් ආලෝකය සැපයීම ද
(Top Light) එය හරිද? එසේත් නැතිනම් හරියටම පහළින් සපයමු ද? (Foot Light) මේ පිළිබඳ තීරණයකට එන්නට කලින් අපි විශේෂයෙන් දැන ගත යුතු කරුණු කීපයක් තියෙනවා.
 
(1) නළුවා අභිනය පායි. රංගාලෝකයට වඩාත් වැදගත් වන්නේ අභිනයයි. අපි නළුවා ආරක්ෂා කළ යුතුයි. ඒකට හේතුව එම ආලෝකයෙන් ඉරියව් පුච්චා දැමීමට ඉඩ තියෙන නිසා. එයින් සිදු වන පාඩුව මුළු නිර්මාණයටම බලපාන්නට පුළුවන් නිසාය.

(2) රංගාලෝක ශිල්පියෙකු හැටියට අප කරන කාර්යභාරයේදී නිවැරදිම ක්‍රමය මොකක්ද? යන්න පිළිබඳව අවබෝධයක් අප තුළ තිබිය යුතුයි.
 
මේ නිසා සාමාන්‍ය ආලෝකය මුහුණට වැටෙන ආකාරය අප විශ්ලේෂණය කළ යුතුව තියෙනවා.
නමුත් වේදිකාවේ ආලෝකය මෙහෙය විය හැක්කේ සීමිත ඉඩ කඩක් තුළයි. සෑම වැදගත් ආලෝක ධාරාවක්ම අපට ලැබෙන්නේ අංශක 45 ක පමණ කෝණයකින්.
(4 - 1 රූපය බලන්න). රංගාලෝක ශිල්පියා මේ පිළිබඳව අවබෝධයක් ලබා තිබිය යුතුයි. එය සැලසුම් නිර්මාණය කිරීමේ දී වැදගත් වෙනවා.

නළුවෙකුට යොමු පහනකින් ස්ථානීය ආලෝකයක් ලැබෙනවා යයි සිතමු. (Spot Light) එය අංශක 45 කෝණයකින් (Angle) ගමන් ගත යුතුයි. එමෙන්ම කලින් පුරුදු පුහුණු කිරීමකින් සකස් කර ගන්නා අයුරු නළුවා පැමිණෙන විට ස්ථානීය ආලෝකය ලැබිය යුතුයි.
නළුවාගේ හෝ නිළියගේ දකුණු පසට හෝ වම් පසට වැඩියෙන් විහිදීමක් සිදු නොවිය යුතුයි. ඒ වගේම මුළු රූපයටම ආලෝකය ලැබිය යුතුයි. පහනකට වේදිකාවට වටා ඕනෑම තැනක පිහිටන්න හැකියාව යනවා. මේ නිසා කෙලින්ම එකම ස්ථානීය ආලෝකයක් ලබා දෙනවාද? නැතිනම් පැති දෙකකින් පහන් දෙක තුනක ආධාරයෙන් ආලෝකය සපයනවාද යන්න තීරණය කරන්න ඕනේ. එය කළ යුත්තේ නිෂ්පාදකයාගේ ද කැමැත්ත ඇතිවයි.

නමුත් මේ දේ ගැන ටිකක් හිතමු. එක් පැත්තකින් පමණක් පහනක් දැල් වූ විට ශිල්පියාගේ මුහුණේ සහ ශරීරයේ පැත්තක් පමණක් ආලෝකමත් වන අතර අනෙක් පැත්ත අඳුරු වනවා. මේ නිසා ප්‍රේක්ෂකාගාරයේ තවත් පැත්තක සිටින ප්‍රේක්ෂකයෙකුට ශිල්පියාගේ මුහුණ හරියාකාරව දැක ගැනීමට අවකාශ නැතිව යනවා.
ඒ වගේම ශිල්පියෙකුගේ මුහුණක පැත්තක් අඳුරු වීම ඔහුගේ නිර්මාණවලට බාධා ඇති කරනවා. මේ නිසා අනෙක් පැත්තෙනුත් මුහුණට එළිය ලැබිය යුතුයි.

ඒ එළිය එයට විරුද්ධ පැත්තෙන් ලැබෙනවාට වඩා සමාන්තර පැති දෙකකින් නම් වඩාත් හොඳයි. එවිට ප්‍රේක්ෂකයාට පැහැදිළිවම ශිල්පියාගේ රූපය දැකගන්නට පුළුවන්.
මෙහි මූලික අදහස වන්නේ එක් ශිල්පියෙකු වෙනම ම ආලෝකවත් කළ යුතු බව නොවෙයි. ශිල්පීන් දහ දෙනෙකු හෝ පහළොස් දෙනෙකු වේදිකාවේ ඉන්න පුළුවන්. අවශ්‍යතාවය අනුව ඔවුන් ආලෝකවත් විය යුතුයි.

මූල ධර්මය මෙය වුවත් පර්යේෂණ කටයුතු සඳහා නිෂ්පාදකයින්ට නොයෙක් ප්‍රයෝග (Effect) යොදා වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. මේ කෙසේ වෙතත් නිවැරදි රූපයක් මැවීමේදී (Vertical) ලම්බාකාරව හෝ (Horigonal) පොළවට සමාන්තරව ආලෝකය යෙදීමෙන් පමණක් සාර්ථක කර ගන්නට බැහැ.

රූපන භාගය ආලෝකනය කිරීම
(Lighting the Acting Area)
පින්තූර රාමු වේදිකාවේ නළුවා රඟන හැම පැත්තක්ම අපට නම් කර කිව නොහැකියි. මේ නිසා විශේෂයෙන්ම සෑම ස්ථානීය ආලෝකයක්ම දැල්විය හැකි පරිදි විය යුතුයි.

නළුවාගේ කිසිම අංගයක් වෙනස් නොවේ යයි සිතා මුලින් මුළු පළාතම ආලෝකවත් කළ හැකි විය යුතුයි.
මධ්‍යම ප්‍රමාණයේ හතරැස් රාමු වේදිකාවක නම් තිත් පහන් 12 ක් සැපයීම ප්‍රමාණවත්. උචිත පරිදි බෙදා ගෙන හැසිර විය හැකි ආකාරයට පහන් හයක් තබාගෙන අනෙක් හයෙන් තුනක් පහළ වේදිකාවටත් (Down Stage) ඉතිරි තුන ඉහළ වේදිකාවටත් (Up Stage) යොමු කිරීමෙන් සාමාන්‍ය ආලෝක සැලැස්මක් සකස් කර ගත හැකියි. මෙය රූපන භාගය පසුබිම් ආලෝක කිරීම (Acting Area Lighting) නම් වෙනවා.

පළාත් පමණක් ආලෝකනය කිරීම නිර්මාණාත්මක ආලෝකයක් නොවේ. නළුවා රඟපාන ප්‍රදේශය ආලෝකවත් වෙද්දී කතිර සැලැස්මකට පහන් එළි හරහා යෑමෙන් කෘතිම වුවත් නාට්‍යමය රූපයක් මැවීමට සමත් වෙනවා.

එය එසේ වුවත් පසුතල නිර්මාණ භාවිතය අනුව පහන් එල්ල කිරීම් වෙනස් විය හැකියි.
නියමිත ස්ථානීය ආලෝකය හරහා පසුතලය සකස් වේ නම් අනවශ්‍ය පහන් ඉවත් කළ යුතු වෙනවා. නළුවාගේ මුහුණ එළිය, අඳුරු වන අයුරු ත්‍රිමාණ රූපයක් මැවීමට හැකියාව ලැබෙනවා.
ඒ සඳහා පැතිවලින් එල්ල කරන ආලෝක ධාරාවන් නළුවාගේ මුහුණ යාන්තම් සෙවණැලි සහිත රූපයක් බවට පත් කරනවා.

(Side Lights) මුදුන් ආලෝකය(Top Lights) යොදා ගැනීමේදී හරියටම හිස් මුදුනින් නොව තරමක් ඉදිරියෙන්ද, පසුපසින් ආලෝකය (Back Light) යොදා ගැනීමේදී හරියටම නළුවාගේ හිස මුදුනට නොව තරමක් පිටුපසින්ද යොදා ගැනීමෙන් ශිල්පියාගේ හිස මුහුණ සහ උරහිස් ආලෝකමත් වෙනවා. ඒ අනුව බලන විට පහන් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. නාට්‍යමය චිත්‍රයක් (Dramatic Picture) මැවීමට මේ මූලික රීතීන් අනුගමනය කළ යුතුයි.

නමුත් මේවා නිර්මාණ ශිල්පියාගේ අත පය බැඳ තබන නීති නොවෙයි.
රංගාලෝක ශිල්පියා ආලීකනය කරන්නේ නළුවා පමණක්ම නොවේ. පසුතලයත් වැදගත් වෙනවා.
ආලෝකය පැමිණෙන්නේ කුමන පැත්තකින්ද ඒ පැත්තට අනුව අපි ආලෝකය කරනවා නම් එය හරි ද යන්න විමසීමක් කළ යුතුයි.

නළුවාගේ හෝ නිළියගේ භාවයන් මැවීමේදී රංගාලෝකය උදව්වක් මිස බාධාවක් නොවිය යුතුයි.

Comments

Post a Comment

Popular posts from this blog