රංගාලෝක කාර්යය 01 ............. දෘශ්‍යමාන වීම (Visibity) මෙයින් අදහස් කරන්නේ චරිත සහ පසුතලය පැහැදිලිව පෙනෙන්නට සැලැස්වීමයි. ප්‍රේක්ෂකයාට නළු නිළි චරිතවල ඉරියව් ඉස්මතු කොට පෙන්වීම වැදගත්. වේදිකාවේ අප විසින්ම සඟවා තැබීමට උත්සාහ කරන දේ නොපෙනී තිබීමත් මේ කාරණාවට අයත්. පසුතල නිර්මාණයක් එල්ලා තිබෙනවා යයි සිතමු. එය එල්ලී තිබිය යුතු සේම එල්ලන ලද කඹ, නූල් හෝ කම්බි නොපෙනෙන්නේ නම් වඩා යහපත්. බිම සිටුවා තැබෙන පසුතල ආධාරක ආදිය ද නොපෙනී අවශ්‍ය පරිසරය පමණක් දෘෂ්‍යමාන විය යුතුයි. එමෙන්ම මෙම දෘෂ්‍යමාන වීමේ දී රූපය ත්‍රිමානව වේදිකාව තුළ මැවීමට උත්සාහ දැරිය යුතුයි. ඒ සඳහා ඔහු යොදා ගන්නා වර්ණ, පහන්, භාවිතා කරන කෝණ ප්‍රයෝජනවත් වෙනවා. ප්‍රේක්ෂකාගාරයේ අසුන් ගෙන සිටින ප්‍රේක්ෂකයාට නළු නිළියන් පැහැදිලිව දැක ගැනීමට සිටි තැනින් එහා මෙහා යාමට හැකියාවක් නැහැ. මේ නිසා ආලෝකකරණය ඒ අවශ්‍යතාව මැනවින් සපුරාලිය යුතුයි. අවධාරණයෙන්ම නළුවෙකු හෝ සිද්ධියක් අඳුරු පරිසරයකට යොමුකොට දෘශ්‍යමාන වීම වළක්වන්නේ නම් ඊට හේතු තිබිය යුතුයි. සත්‍යරූපී බව, තාත්විකත්ත්වය (Plausibility) නාට්‍යය අනුකාරාත්මක ක්‍රියාවලියක් බ...